සී.අයි.ඩී මට ඉන්න ම දෙන්නෑ: පියුමි හංසමාලි

ප්‍රකට නිරූපිකා පියුමි හංසමාලි ෆේස්බුක් සටහනක් තබමින් “‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

කුඩු සිද්ධියකට තමාව පටලැවීමට ක්‍රියා කිරීම ගේම් එකක් බව පවසන ඈ කියා සිටින්නේ මෙම පව්කාර වැඩේට සාප ඉල්ලන බවයි.

සිය මෝටර් රථය විකුණා වසරක් ගත වී ඇති බවත් මිලට ගත් පුද්ගලයාගේ බිරිඳ තම පැරණි මිතුරියක් බවත් පවසන පියුමි, මිත්‍රත්වය හේතුවෙන් මෝටර් රථය විකිණූ මුදල් ලක්ෂ 50 බැගින් ලබාගත් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

වාහන විකුණන විට මිලදී ගන්නා අයගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්ට වී ඇති බවත් හිටපු ජනපති ගෝඨාභයගේ වාහනය මිලට ගෙන තවමත් කරදර විඳින බවත් ඇය එහිදී කියා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles