පියුමි පාතාලයෙකුගේ මුදල් පරිහරණය කරතැයි තොරතුරු: මහජන ආරක්ෂක ඇමැති

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයෙකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසූ බව දිවයින වාර්තා කරනවා.

ඇගේ වත්කම් පිළිබඳව විමර්ශන ඇරඹූවේ එබැවින් බව කී ඇමැතිවරයා තම නිර්දෝශී බව ඔප්පු කිරීමට ඇයට අවස්ථාව ඇති බවද පවසා තිබෙනවා.

කෙසේ වෙතත් කුමන තර්ජන පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන බව කී ඇමැතිවරයා යුක්තිය මෙහෙයුම ජූලි 4දා සිට යළි ඇරඹෙන බවද කියා තිබෙනවා.

1 COMMENT

  1. දැන් මේක හාන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles