පුටින්ට අභියෝග කළ වැග්නර් ලොක්කා ගුවන් අනතුරෙන් මරුට! (වීඩියෝ)

රුසියානු කුලී හේවා බලකායක් වන වැග්නර් හි ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින්, මොස්කව් නගරයට උතුරින් පුද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් මිය ගිය මගීන් 10 දෙනා අතරට ඇතුළත් බව අල්ජසීරා පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

ප්‍රිගොෂින් රුසියාවේ හමුදා නායකත්වයට එරෙහිව කෙටි කාලීන කැරැල්ලකට සිය සටන්කරුවන් මෙහෙයවීමෙන් හරියටම මාස දෙකකට පසුව සිදු වූ කඩා වැටීම ලෝක දේශපාලනයේ ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

යුක්රේන ජනාධිපති සහායක Mykhailo Podolyak පවසා ඇත්තේ ගුවන් අනතුර “2024 මැතිවරණයට පෙර රුසියාවේ ප්‍රභූන්ට පුටින් විසින් දුන් සංඥාවක් බවයි. ‘පරෙස්සම් වන්න! ද්‍රෝහිකම මරණයට සමානයි.’ යන්න එහි අර්ථය බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අප්‍රිකාවේ, බෙලරුසියාවේ සහ වෙනත් තැන්වල යොදවා ඇති දහස් ගණන් වැග්නර් ප්‍රහාරකයින්ගේ අනාගතය ගැන ඒ අතර ප්‍රශ්න මතුවෙන බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles