වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
වෛද්‍ය අධ්‍යාපන ආයතන තවත් බිහිකිරීමේ අරමුණින් දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) මොරටුව විශ්වවිද්‍යාලයට වෙන් කිරීම පිළිබඳව ජනපතිවරයා අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරුන් බිහි කළ හැකි බව සහතික කරමින් අතිරේක වෛද්‍ය විද්‍යාල සහ විශ්වවිද්‍යාල පිහිටුවීමට රජය සහාය වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරනවා.
වෛද්‍යවරුන් විදේශ සේවය සඳහා ගියේ වුවත්, මෙරට සිටින සමස්ත වෛද්‍ය වෘත්තිකයන් සංඛ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම මෙම අභියෝගයට මුහුණ දීම සඳහා තීරණාත්මක උපාය මාර්ගයක් බව ඔහු වැඩිදුරටත් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ජෝශප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ ශත සංවත්සර සැමරුම අමතමින් රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවය අමතමිනුයි.
වෛද්‍ය සංචාරක ව්‍යාපාරයේ (Medical Tourism) ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍ය පහසුකම් පවත්වාගෙන යාමේ තීරණාත්මක වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. වෛද්‍ය හිඟය පියවීම සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.