ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගනිමින් නැවතත් පොදුජන එක්සත් පෙරමුණ ක්‍රියාකාරී තත්වයට ගෙන තිබෙනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිවරිය බලයට ගෙන ආ පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙන් මෙරට දේශපාලනයේ මතක සටහනක් තැබූ දේශපාලන පක්ෂයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, සහ වාමාංශික පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතවීම අද බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණා.
එහි ප්‍රධාන අනුශාසක ලෙස නවසන්ධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න පත් කෙරුණා. නායකත්වය අනුර ප්‍රියදර්ශන යාපා වෙත හිමි වූ අතර ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න පත් කෙරුණා. භාණ්ඩාගාරික චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස දුමින්ද දිසානායක සහ නලින් ප්‍රනාන්දු පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සූරේන් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රෙම්ජයන්ත, ජෝන් සෙනවිරත්න, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම් ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුසාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්.වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිදිගොඩ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නසිර් අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රි ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනාතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී.කලංසූරිය යන පිරිස පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවී සිටින බව සඳහන්.
පොදුජන එක්සත් පෙරමුණ ප්රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළි දක්වනු ලැබීය. සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක් යන මැයින් People’s Alliance වෙබ් අඩවිය එළි දැක්වීමද එහිදී සිදු වුණා.