ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “බුද්ධි මණ්ඩලයෙන්” අය-වැය සඳහා වන යෝජනා ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වෙනවා.
පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡා වට කිහිපයකින් පසු ජනතාවට සහන සැලසිය යුතු ආකාරයේ යෝජනා ලබා දුන් බවයි එම පෙරමුණ පවසන්නේ. ජනතාවට පටි තද කර ගැනීමට කියා ආණ්ඩුව පැවසුවත් එය කිසිසේත්ම සාධාරණ නැති බව එම පක්ෂයේ සමහර මන්ත්‍රීවරු අදහස් පළ කර ඇති බවයි දැනගන්නට ඇත්තේ. රාජ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනපතිවරයාට සහය දුන්නද ඔහුගේ පක්ෂය ශක්තිමත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බව එහිදී සඳහන් වී තිබෙනවා.
සිය අය-වැය යෝජනාවලට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පවසා ඇතැයි වාර්තා වෙනවා.