ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබෙනවා.
තම අපේක්ෂකයන් වෙනුවෙන් එම ප්‍රාදේශීය සභා මැතිවරණයට ඇප තැබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරන්නේ.
ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළ අතර ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම – සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරේ.
එමෙන්ම නාමයෝජනා භාරගැනීම 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දින මධ්‍යහ්න 12 දක්වාත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේ දී සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 වනදා සිට 2024.09.13 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.
මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.