පොහොට්ටුවේ සොහොන් ලකුණු හම්බන්තොටින්ම එළියට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස නාමල් රාජපක්ෂ අභිෂේක ගැන්වීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු එම පක්ෂය විසින් කැඳවූ පළමු මංගල රැළිය ලෙස ඊයේ (30) පැවති “සටන අරඹමු හම්බන්තොටින් රැළිය” හේබා ගිය බව දේශපාලන ක්ෂේත්‍රය පවසනවා. එයින් පෙනී ගියේ පොහොට්ටුවේ සොහොන් ලකුණු බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ.

රාජපක්ෂ දේශපාලනයේ තිඹිරිගෙය වූ හම්බන්තොට පැවැති ජන රැළියට ඉතා වෙහෙස මහන්සි වී වුවත් සැලකිය යුතු තරම් ජනකායක් ගෙන්වා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

එසේ ම පොදුජන පෙරමුණේ බලකණු ලෙස සැලකෙන කිසිම නායකයෙක් රැළියට සහභාගි නොවීම කැපී පෙනුණා.

බැසිල්ගෙන් පසුව ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත්කිරීම ගැන චමල් රාජපක්ෂ පවා නොසතුටින් සිටින බවයි වාර්තා වන්නේ. මෙවර ජාතික සංවිධායක ධුරය පවුලෙන් පිට කෙනෙකුට ලබා දීමට චමල් රාජපක්ෂ විසින් යෝජනා කර තිබුණු බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙකී රැළියට රනිල් හිතවාදී කිසිම පොදුජන පෙරමුණු බලකණුවක් සහභාගි නොවීම කැපී පෙනුණා. ප්‍රසන්න රණතුංග වැනි අය පමණක් නොව, ආසන්න දිස්ත්‍රික් නියෝජනය කරන රමේෂ් පතිරණ, වැනි අයද මෙකී රැළියට සහභාගි වී සිටියේ නැහැ. රාජපක්ෂ පවුලට ඉතා හිතවත්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පවා මෙයට සහභාගි නොවූ බවයි වාර්තා වූයේ.

කාලයක් තිස්සේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ප්‍රකාශකයෙක් වූ මහින්දානන්ද අලුත්ගමගේ ද රැළියට සහභාගි වී තිබුණේ නැහැ.

එසේ ම රැළිය කිසිදු ජවයකින් තොරව පොහොට්ටුවේ වර්තමාන කෝකටත් තෛල වැනි තිස්සකුට්ටිආරච්චි, ජොන්ස්ටන්, සංජීව එදිරිමාන්න වැනි අයගේ කතාවලින් අවසන් වූයේ ඇල්මැරුණු ස්වභාවයකින්.

දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ප්‍රකාශ කරන්නේ, පොහොට්ටුවේ නිශ්චිත පරාභවය මෙම රැළියෙන් ප්‍රකට වූ බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles