පොහොට්ටුව හොරු සමඟ දේශපාලනය කරන්නෑ : ප්‍රසන්න

සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමැතිවරයා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අද (30) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පොහොට්ටුව හොරු සමඟ දේශපාලනය නොකරන බවද එහිදී අමාත්‍යවරයා කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසුවා,

“රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. රට බංකොලොත් කළේ විපක්ෂයයි.පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමා කඩේ ඇරලා නැති කළා.

දැන් පොදු අපේක්ෂක වේවි කියලා බයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක කියලා දානවා යනුවෙන් ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles