ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ බිංගිරිය ප්‍රාදේශීය වාර්තාකරු දිනිත් කුමාර අද (දෙසැම්බර් 01) පොලිසිය සමඟ ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවට අනුව අනවසරයෙන් බිංගිරිය පොලිස් ස්ථානයේ දර්ශන මහමග සිට පටිගත කරමින් සිටියදී බිංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස්වීමක් ඇතිවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව යි.
පොලිස් අධිකාරිවරයා පැවසුවේ මාධ්‍යවේදියා බිංගිරිය පොලිස් ස්ථානය තුළට රැගෙන යාමෙන් පසුවද දර්ශන දිගටම පටිගත කර ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත්ය.