කතකට දත් 14ක් කැඩෙන්න තඩි බෑ පීසී ඇතුළට

දිවුල්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 40ක කාන්තාවකගේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී නිවසේ සිටි එම කාන්තාවට පහරදී දත් 14ක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

පහර කෑ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇගේ දත් 14ක් ඇතුළට නෙරා ගොස් ඇති බවත් ඇය ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවත් රෝහල් ආරංචිමාර්ග පවසනවා.

පෞද්ගලික ආරවුලක් මෙයට හේතුවී ඇති බවයි සැක පළ වන්නේ. කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles