පිරමීඩ ව්‍යාපාරිකයන් සමඟ පොලිසිය වැඩමුළු තියලා?

ජාතික පාසලක වැඩමුළුවක් පවත්වන අවස්ථාවක ඡායාරූප ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. එහිදී බොහෝ දෙනෙක් පවසා සිටින්නේ මහබැංකුවේ මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි නැති සහ පිරමීඩ ආකාරයේ මූල්‍ය කටයුතුවල නියැළෙන බව කියන සමාගමක් සමඟ පොලිසිය එක්ව පාසල් දරුවන් සඳහා වැඩමුළුවක් මෙහෙයවා ඇති බවයි.

මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ උඩහේන්තැන්න සේනාධිකාරී ජාතික පාසලේ බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම පාසල ගම්පොල ප්‍රදේශයේ පිහිටා තිබෙන පාසලක් බවයි සඳහන් වෙනවා.

විශාල වශයෙන් පිරමීඩාකාරයේ මූල්‍ය වංචා ගණනාවක් පසුගිය දිනවල හෙළිදරව් වූ අතර ඒවා නිසාවෙන් ජනතාවට රුපියල් කෝටි දහස් ගණනක් අහිමිව ගොස් තිබෙනවා. එවැනි කාලයක පොලිසිය මෙලෙස වගවිභාගයකින් තොරව හැසිරීම බොහෝ දෙනෙක්ගේ විවේචනයට බඳුන් වෙනවා.

ෆේස්බුක් සමාජ ජාලයේ පළවූ තොරතුරු ඡායාරූප කිහිපයක් පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles