තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්ක පොලීසිය අලුත් මෙහෙයුම‍ක

විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් කුලී නිවාස හෝ කාමරවල රැඳී සිටිමින් නීති විරෝධී කටයුතු වල නිරත වන බව පොලිසිය වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ මෙහෙයුමකදී දිවයින පුරා සිටින තාවකාලික පදිංචිකරුවන් 178,600 කගේ තොරතුරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දිවයින පුරා කුලී හා බදු පදනම මත නිවාස වල පවුල් 37,183ක පුද්ගලයින් 112,963ක් සිටින බවත් කුලී කාමරවල පවුල් 10755කට අයත් පුද්ගලයින් 34,133ක් සිටින බවත් පොලිසිය සඳහන් කරනවා.

ඊට අමතරව නිවාස හා ආයතනවල මුරකරුවන්,ගෘහ සේවකයින්,සාත්තු සේවිකාවන් ලෙ ස තාවකාලිකව පදිංචි පුද්ගලයින් 31,517කගේ ‌තොරතුරු රැස්කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පසුගිය 11 සහ 12 යන දෙදින තුළ මෙම තොරතුරු රැස්කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව සඳහන්.

රැස්කරගත් තොරතුරුවලට අනුව අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles