වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න පොලිසිය සූදානම් : පොලිස්පති

මහත් ආන්දෝලනයකට ලක් වූ, වැලිඔය ප්‍රදේශයේ වැඩිහිටි අයෙකු විසින් ම්ලේච්ඡ අන්දමින් කුඩා දරුවෙකුට පහර දුන් සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (5) දින කැළණියේ පැවැති උත්සවයකට සහභාගි වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදහස් පළ කරනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ වීඩියෝවේ අපරාධකරු කාගේ කවුරුන්ද, ලංකාවේ කොතැනක සිදුවූවක් යන්න කිසිවෙකුත් නොදැන සිටි අවස්ථාවක මහජනතාව ලබා දුන් සහයෝගයෙන් තම දෙපාර්තමේන්තුවට අපරාධකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

මහජනතාවට පොලීසිය සම්බන්ධයෙන් විවේචන තිබිය හැකි බවත් එම වැරදි අඩුපාඩු නිවැරදිකර ගැනීමට පොලීසිය සූදානම් බවත් කී පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පටු අන්තවාදී ලෙස පොලිසියේ චිත්ත ධෛර්යය සහ පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ නොදමන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles