සිප් එක ඇරපු පොලිස් නෝනාගේ වැඩ තහනම්

කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරියේ නියුතුව සිටින අතර තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු  ගෙන්වාගෙන විනය  විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන අතර කැලණිය පොලිස් අධිකාරී (1) විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (13)සිට අදාළ පොලිස් කොස්තාපල්වරියගේ වැඩතහනම් කර තිබෙනවා.

පසුගිය දා හෝමාගම පොලිස් ස්ථානාධිපති කළ වැටලීමකදී සිප් ඇරගෙන ද ආදරේ කරන්නේ යනුවෙන් ප්‍රශ්න කරමින් විනයවත් ලෙස හැසිරීම ගැන අදහස් පළ කරනු ලැබුවා. මේ සිද්ධිය බොහෝ ආන්දෝලනයකට ලක් වූ අතර පොලිසියේ විනය බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles