මඩකලපුව එරාවූර් ප්‍රදේශයේ කෝකියෙකු බිය ගන්වා මුදල් පැහැරගත් එරාවුර් පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරයෙකු සහ පොලිස් රියදුරෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක සැරයන්වරයෙකු වන කෝකියාගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දීමෙන් පසුවයි.
එරාවුර් පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නද ඔහු මේ ගැන ක්‍රියාත්මක වී නැහැ.
මෙම අත්අඩංගුවට පත් තිදෙනා, කෝකියා ළඟ තිබූ රු. 6500ක මුදල පැහැර ගෙන ඇත්තේ, “ඔහුගේ සාක්කුවට මත් කුඩු දමා අත්අඩංගුවට ගන්නා බවට බිය ගැන්වීම” මගින්.