විනිසුරුවරියට විරෝධය පා පොලිස් නිලධාරීන් වර්ජනයක

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරියට විරෝධය පාමින් නුවරඑළිය පොලිස් කොට්ඨාස කිහිපයක සහ සෙසු පොලිස් නිලධාරීන් ඊයේ (6) අධිකරණ කටයුතුවලින් ඉවත්ව තිබුණා.

ඒ මහේස්ත්‍රාත්වරයි විසින් කැඳවනු ලබන නඩු සඳහා පෙනී සිටින පොලිස් නිලධාරීන්ට සැකකරුවන් ඉදිරියේ අපහාස වන ආකාරයෙන් බැණ වැදුණු සිද්දියක් පදනම් කරගනිමින්.

මෙය මාස කිහිපයක් තිස්සේ නිතර සිදුවන බවත් එවන් තත්වයක් තුළ සිය නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරගත නොහැකි බවත් පොලිස් නිලධාරීන් පවසනවා.

ඒ්‍ අනුවයි ඔවුන් මෙසේ අධිකරණ කටයුතුවලින් ඉවත්ව ඇත්තේ.

අධිකරණ කටයුතු සිදුවෙමින් පැවති අවස්ථාවේදීම පෙරවරු 11.30ට පමණ නිලධාරීන් සිය කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.

ඩයගම, ආගරපතන, තලවකැලේ, ලිඳුල, නානුඔය, පට්ටිපොළ, කඳපොළ යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් මෙසේ රාජකාරි කටයුතුවලින් ඉවත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles