පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විසින් සිදුකරන නිවාස කොල්ලකෑම් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
පොලිස් නිලධාරීන් යැයි පවසමින් සිවිල් ඇඳුමින් සැරසී නිවෙස් පරීක්ෂා කරන පුද්ගලයින් සොරකම්වල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිවිල් ඇඳුමින් සැරසී එවැනි පරීක්ෂණ සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හෝ වෙනත් විශේෂ ඒකකයකට අනුයුක්ත නිලධාරීන් පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.
සෝදිසි කිරීමක අවශ්‍යතාවයක් ඇත්නම් අනන්‍යතාවය සනාථ කිරීම සඳහා නිල පොලිස් හැඳුනුම්පත් ඉල්ලා සිටීමට මහජනතාවට බලය ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.
සාමාන්‍යයෙන් සෝදිසි කිරීමට පෙර ජනතාව දැනුවත් කරන බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වුවහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.