ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සංවිධානය කළ සාදයක් සඳහා නීති විරෝධී මත්පැන් රැගෙන විත් පාසලේ ලාච්චුවක සඟවා ගෙන සිටි බව කියන උසස් පෙළ සිසුන් තිදෙනකු සිය භාරයට ගෙන අවවාද කර මුදාහැරි බව කෑගල්ල පොලීසිය පවසනවා.
අදාළ විදුහලේ විදුහල්පතිනිය විසින් සිදු කරනු ලැබූ දැනුවත් කිරීමට අදාළව එම සිසුන් සහ අදාළ නීති විරෝධී මත්පැන් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
පොලිස් භාරයට ගෙන මුදාහැර ඇති ශිෂ්‍යයින් තිදෙනා කෑගල්ල කලාප කාර්යාලයට අයත් ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යටතේ පවත්වාගෙන යන මහා විද්‍යාලයක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයන් හදාරමින් සිටින සිසුන් වන අතර අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊයේ (12) විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ අතර, මොවුන් සාදයක් දැමීමට යැයි කියමින් මෙම මත්පැන් ගෙනැවිත් විද්‍යාලයේ පන්ති කාමරයක කබඩ් එකක සඟවා තිබී ඇතැයි සඳහන්.
නියෝජ්‍ය විදුහල්පතිනිය එම කඩබ් එක විවෘත කර පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන යන වතුර බෝතලයක තිබී නීති විරෝධී මත්පැන් සොයාගෙන තිබූ බවද පොලීසිය පවසනවා.