ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට රුපියලක්වත් වියදම් නොකර පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කර ගැනිමේ වර්තාවක් තැබීමට මෙවර පර්ලිමේන්තු මැතිවරණයේදී අනුරාධපුර ජනතාවට හැකියාව ඇතැයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ප්රචාරක ලේකම් මාධ්‍යවේදී ලංකා .ඩී. ජයවර්ධන පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“මෙවර මැතිවරණයට පොස්ටර්, කටවුට් කිසිම දෙයක් පාවිච්චි නොකර ඉදිරිපත් වන හේතුව මේ මැතිවරණ රටාව මුදල් බලය තියන අයට පමණයි දොර විවර වෙලා තියෙන්නෙ. මේ අභියෝගය භාර ගනිමින් මේ මැතිවරණය දිනුවත් පැරදුනත් මුදල් මත යට වී තිබෙන දේශපාලන සංස්කෘතිය නතර කරන්න ජනතාවට අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. මම හොඳාකාරවම දන්නවා මට මෙක තනියම කරන්න බැහැ කියලා. හැබැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවත් විශේෂයෙන්ම කලා වැව ආසනයේ ජනතාව උත්සහ කරොත් ඒ සඳහා පලමු පියවර තැබූ අභීමානත් ජනතාවක් සිටින බව ඔප්පු කල හැකියි. “