ජාතීන් අතර අසමගිය ඇති කරනු ලබන්නේ දේශපාලඥයින් බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් පවසනවා.
සහජීවනයෙන් දිවිගෙවූ ජනයා ජාති, ආගම් ආදී ගැටුම්වලට පොළඹවන ලද්දේ බලලෝභී දේශපාලකයන් බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සත්‍ය, සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා සාමාජිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි නාහිමියන් මේ අදහස් පළ කරනු ලැබුවේ.
උන්වහහන්සේ මෙසේ ද කියා සිටියා.
ජාතික සමගිය ඇති වෙන්න නොයෙක් දේවල් කරද්දි මේ දේශපාලනඥයෝ නේ මේවා නැති කරන්නේ. සමගිය නැතිකරන්නේ ඒ අය. ආගමික සමගියක් ඇති කරන්න කියලා කතා කරනවා, කරන්නේ බේද. උත්සාහයක් ගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබෙයිද කියන එකයි මේ වගේ අන්තගාමී අය නිසා. පාලකයන්ගේ උනන්දුවක් තියෙන්න ඕනේ. අද තියෙන්නේ ගස්, ගල්වලට කියනවා වගේ. වැඩක් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කළේ කොයි කාලේ ද? 2012 දී ද කොහෙද? දැන් 2024 ඕවා කියලා වැඩක් නෑ. දේශපාලනඥයෝ හැමදාම මිනිස්සු රවට්ටනවා. ඡන්ද බලාපොරොත්තුවනේ තියන්නේ රට දියුණු කරන බලාපොරොත්තුවක් නෑ.”