සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීමට කතෝලික පූජකයින්ට නිල වශයෙන් අවසර දීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබෙනවා.
මෙය ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් බවත්, මෙමඟින් දෙවියන් සියලුම දෙනාව එක හා සමානව පිළිගන්නා බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඒ වගේම පාප් වහන්සේගේ උපන් රට වන ආර්ජන්ටිනාවේ ජනතාව ද මෙම තීරණය ගැන කියන්නේ අසමානතාවට එරෙහිව ගත් එඩිතර තීරණයක් බව යි.
කෙසේ වෙතත් සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී කොන්දේසිවලට යටත් ව පමණක් එය සිදුකිරීමට කතෝලික පූජකයින්ට සිදුවනවා.
ඒ අනුව, එම යුවළ සඳහා ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවස්ථාව හිමි වන්නේ ඔවුන් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් ‘නොවන්නේ’ නම් පමණක් බව සඳහන් වෙනවා.
මෙසේ සමරිසි සබඳතා අශීර්වාද කිරීමට තීරණය කළත්, විවාහය යනු සාමාන්‍ය පිරිමියෙකු සහ ගැහැණියක අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට කතෝලික පල්ලිය තීන්දු කර තිබෙනවා.