ජනපතිගේ තර්ජනයට තැපැල්පති බය වෙලාද? – තැපෑලේ නිවාඩු අවලංගු යි!

දින තුනක් දක්වා ඊයේ සිට (8) හෙට(9) සහ අනිද්දා (10) දක්වා සියලු ම තැපැල් සේවක නිවාඩු අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ මෙහෙයවීමෙන් ඊයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ්‍ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් බවට පත් කිරිමට පවරා ගැනිමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

කෙසේ වෙතත් පසුගිය දා ජනාධිපතිවරයා වත්මන් තැපැල් ස්ථානාධිපතිවරයාට තර්ජනාත්මකව පැවසුවේ සිය කාර්යයට සහය නොදෙන්නේ නම් තමාට නව තැපැල්පතිවරයෙක් සොයා ගැනීමට සිදු වනු ඇති බවයි. එයින් පසුව තැපැල්පතිවරයා මෙලෙස ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles