රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට රාපක්ෂවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව පදනම් කරගෙන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් මතු කළ විපක්ෂ නායකවරයාට දැඩි බාධා එල්ල කෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කලබල කරමින් විපක්ෂ නායකවරයා අසලට පැමිණියා. එහිදී ප්‍රශ්නය සඳහන් කළ කොළ උදුරාගෙන ගිය බව දකින්නට ලැබුණා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුන සමීපයටම පැමිණ කෑ ගසමින් බාධා එල්ල කළා.
පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට නොහැකි වුණ තත්වය නිසා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්තබනු ලැබුවා.