එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.
ඔහු සඳහන් කළේ, වැට් බදු වැඩි කිරීම මගින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මිල වෙනස් වීමක් සිදු විය හැකි බවයි.
සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේවන විට රුපියල් 35 – 40 අතර මිලකට බිත්තරයක් අලෙවි වෙනවා. මෙය පෙර පැවති මිලට වඩා අඩක් පමණ අඩු මිලක් බවයි පෙනී යන්නේ.