ලබන වසර වන විට කුකුළු මස් සහ බිත්තර මිල පහත වැටීමට ඉඩ ඇති බවත් ඉන් පසු මිල ස්ථාවර වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එයින් පසු බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි ඔහු පවසන්නේ.
අපේ රටේ කුකුළු හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය ස්වයංපෝෂිත වුවද, COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ සත්ව ආහාර නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් පසුබෑමකට ලක්ව ඇති බව අමාත්‍ය අමරවීර අවධාරණය කළා.
කුකුළු කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට අවසර දුන් බවත් එයින්ද අනාගතයේදී පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ගෙනෙනු ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය ලෙස දැක්වෙන්නේ වසරකට කිලෝ ග්‍රෑම් 11කි. කෙසේ වෙතත් මෑතකාලීන ආර්ථික අර්බුදය නිසා එය වෙනස් ව ඇති බවත් කුකුළු මස් නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය 30%කින් පහත වැටී ඇති බවත් ‘ස්ථාවර රටකට සාමූහික මාවතක්’ යන තේමාව යටතේ (14) දින පැවති ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කෙරුණා.