අගෝස්තු 16 සිට දකුණට විදුලිය කැපෙයි ද?

එළ⁣ඹෙන අ‍ගෝස්තු 16 දින වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇණහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වයෙන් මිදීමට නම් කල යුත්තේ විකල්ප විදුලිය මිල දී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයක පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීම බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ අනුව මාතර,ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

දවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය දෙකක් ලෙස එම කප්පාදුව සිදු කරන බවත් සමනළ ජලාශයෙන් ජලය නිදහස් නොකරන්නේ නම් එසේ කප්පාදුවකට යාමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.

විදුලිය මිලදී ගැනීමක් මගින් මේ තත්වයට පිළියම් යෙදීමට අදහස් කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී දන්වා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles