නිකිණි පෝදා අලුත්ගම ගුණරත්නාරාමයේ පැවති පිංකම් උත්සවය අවසානයේ දී එහි නායක හිමියන්ට එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් හෙල්මට්වලින් පහර දී තිබෙනවා.
70 හැවිරිදි ලියදවිල සුමනරතන හිමියන් මේ ප්රහාරයෙන් තුවාළ ලැබ කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
ජලය බෙදාහැරීමේ ප්රශ්නයක් මුල් කරගෙන මෙලෙස පහර දීම සිදු කර ඇති බවයි දැනගැනීමට ඇත්තේ. මේ ගැන වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වෙනවා.