ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස සමඟ සන්ධානගත වූ ප්රජාතන්ත්රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සමගියට 27 ක් ලෙස එම පක්ෂ දෙක ගිවිසුමකට එළැඹුණු අතර ස්වාධීන වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රභා ගනේෂන් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන බවට සඳහන් කර ඇති බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
“මානුෂීය ජනතා සන්ධානය විදියට අපි ලොකු කොන්දේසි දැම්මෙ නෑ. අපි කොතනද ඉන්නෙ එතන තමයි අපේ නායකතුමා ඉන්නෙත්. ඒක නිසා කිසිම කොන්දේසියක් දාන්න අවශ්‍යත් නෑ.” යනුවෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂ තුනක් සහ සිවිල් සංවිධාන 27කින් සැදුම්ලත් මානුෂීය ජනතා සන්ධානය සමඟි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වන අවස්ථාවේ ප්‍රභා ගනේෂන් කියා තිබුණා.