“ජාතික ජන බලවේගය ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ප්‍රධානී ෂම්මි සිල්වාගෙන් අරමුදල් ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එසේම මෙම තොරතුරු ලබා දුන්නේ කවුරුන්ද යන්න පසුව හෙළි කරන බවයි ඔහු පැවසුවේ.
ඊට පසුව ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ ” ෂම්මිගෙන් කිසිම මුදලක් ලැබිලා නැති බවත් ෂම්මි තමන් හට කවදාවත් මුණගැහිලා නැති බවත් සහ හැකි නම් මෙම චෝදනාව ඔප්පු කරන ලෙසයි.
ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී එකිනෙකාට චෝදනා කර ගනිමින් එසේ වාචික සටනක නිරත වුණා.
” දිසානායක කියා තිබුණා මම කප්පම් ගැනීම්වල යෙදිලා ඉන්නවා කියලා. නමුත් 1989 කැරැල්ලේදී ඒ අය තමයි එවැනි ක්‍රියාවල නිරත වුණේ, යන්න රණතුංග පැවසුවා. එසේම “පුතා මිහින් එයාර් එකේ වැඩ කරලා ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ජොබ් එකක් ගත්තෙ නැද්ද?” යන්න රණතුංග ආපසු අනුරගෙන් ප්‍රශ්න කළා.
“ඔව්, මගේ පුතා වැඩ කරන්නේ ශ්‍රී ලංකන් එකේ. එයා ඉන්ටවිව් එකකින් තමයි ආවේ.මගේ පුතා බව දන්නවනං මහින්දල පුතාට රැකියාව දෙන්නෙත් නැහැ” යන්න අනුර දිසානායක ඊට පිළිතුරු ලෙස පැවසුවා.