ජනපතිවරණය මගහැර ජනමත විචාරණයකට යෑමේ සූදානමක්

මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා තිබෙන බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ හැකිද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවේ දී නීති විශාරදයින්ගෙන් විමසා තිබෙනවා.

කෙසේවෙතත් මෙම කටයුතු සඳහා අධිකරණ බාධා පවතින්නේ නම් ඊට ගත යුතු විකල්ප සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

එහිදී නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අවස්ථා දෙකක් හිමිවන අතර ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පණතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් ජනමත විචාරණයකට ගමන් කළ හැකි බව නීති විශාරදයින්ගේ මතයයි.

කෙසේවෙතත් එළඹෙන ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සැලැස්මක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles