ගුවන් ඉන්ධන අලෙවි කිරීමට භාරගෙන ඇති Cannel Pvt Ltd නම් පෞද්ගලික සමාගම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගබඩා පහසුකමක් ළඟදීම ඉදිකිරීමට නියමිත බව ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (08)පාර්ලිමේන්තුවට පැවසුවා.
BIA හි ඉන්ධන ගබඩාවක් ඉදිකිරීම සඳහා ඉඩමක් ලබා දීමට එම සමාගම සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර ගිවිසුමක් අත්සන් කර ඇති බවයි ඔහු පවසන්නේ.
එසේම ආයෝජකයා තෝරා ගනු ලැබුවේ තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් බවත් ලංසු කැඳවනු ලැබුවේ ගුවන් ඉන්ධන බෙදා හැරීම ලිහිල් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බවත් අමාත්‍යවරයා සඳහන් කළා.