සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් එකතුව දීපව්‍යාප්ත රෝහල්වල ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට (3) දා උදෑසන 6.30න් අවසන් කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසනවා.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් සඳහා 06 වැනි අඟහරුවාදා දිනයේ ලබා දීමට ලිඛිත එකඟතාව ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය ලබන 07 වැනිදා උදෑසන 7.30 තෙක් තාවකාලිකව නවතිනු ඇති.