ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘බර්ලින් ගෝලීය සංවාදයට’ සහභාගී වීමේ නිල සංචාරය අතරතුර බ්‍රහස්පතින්දා (28) බර්ලින් නුවරදී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්(Olaf Scholz)සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.
ජනාධිපතිවරයා සමඟ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්. අරුණි විජේවර්ධන සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය මේ සඳහා සම්බන්ධ වී තිබෙනවා.