අද(18) දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද උතුර සහ නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමු වුණා.ඒ පාර්ලිමේන්තු සංකිර්ණයේ දී. එහිදී ද එම දේශපාලන පක්ෂ නායකයින් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති ජුලි චන්ග් සමග සකච්ඡා කළ කරුණු සම්බන්ධවයි.
ඊට අමතරව ජනාධිපතිවරයා සමග උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සහ ඉන්දීය ධීවරයන් හේතුවෙන් මෙරට ධීවරයින් මුහුණදෙන ගැටලු පිළිබදව සඳහා ලබා දිය හැකි කඩිනම් විසඳුම් සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි සඳහන් වෙන්නේ.
මෙම සකච්ඡා සඳහා දෙමළ මහජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි.විග්නේශ්වරන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පැමිණ සිට තිබෙනවා.
කෙසේ වුව ද මෙම හමු වීම් සිදු වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසීම සඳහා ඉන්දියාවට යාමට පෙරයි. එමෙන් ම උතුර සහ නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඊයේ (17) ශ්‍රී ලංකා අමෙරිකානු තානාපති ජුලි චන්ග් හමුවුණා. ඒ් යාපනයේ දී. එහිදී උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම, අතුරුදහන් වූවන්ගේ පවුලේ සාමාජිකයින්ට සාධාරණය ඉටු කිරීම වැනි කරුණු කිහිපයක් සාකච්ඡා කර තිබෙනවා.