‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් විවෘත කරනු ලැබුවා.
එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.
මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් බවයි සඳහන් වන්නේ.
එහි හෝටල් කාමර 350ක් පවතනවා.
ප්රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙය බව වාර්තා වෙනවා.