ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඔහුගේ 75 වැනි ජන්ම දිනය සමරනවා. ඔහු ඉපිද ඇත්තේ නිදහස ලැබී වසරකට පසු එනම්, 1949 මාර්තු මාසයේ 24 වැනි දිනයි.
රනිල්, එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහට උපන් දෙවැනි පුත්‍රයා වනවා. ඔහුට සහෝදරයන් තිදෙනෙක් සහ එක් සහෝදරියක් සිටිනවා. එස්මන්ඩ් ප්‍රකට මාධ්‍යවේදියෙක් වූ අතර නාලිනී – රනිල්ගේ මව ලේක්හවුස් හිමිකරු වූ ඩී.ආර්. විජේවර්ධනගේ දියණියයි. ඔහු විවාහ වූයේ 1995 දී විවාහ වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ ප්‍රධාන මහාචාර්ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ, ප්‍රාරම්භක අධ්‍යක්ෂිකා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟයි.
රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රනිල් වික්‍රමසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන වසර 5ක් නීතිඥයෙකු ලෙස කටයුතු කළා. ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ සාමාජික වනවා සේම කලක් ආසියා පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ලෙස පත් කෙරුණු අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (නිලය අනුව) නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස කටයුතු කළා. ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර බුද්ධි මණ්ඩලයක් වන Geopolitical Cartographer (GC) හි අනුශාසකයාද වන්නේ ඔහුයි.
ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1977 වසරේදීයි. එවකට ඔහුට වයස අවුරුදු 28ක් වුණා. එවක ඔහුගේ මාමණ්ඩිය වූ ජනපති ජේ.ආර්. ජයවර්ධන යටතේ ඔහුට විදේශ කටයුතු නි. අමාත්‍ය ධුරය හිමි වුණා.
ඇමැති ධුර ගණනාවක් දැරූ වික්‍රමසිංහ වත්මන් ජනපතිවරයා, පළමුව අගමැති ධුරයට පත් වූයේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ ඝාතනයට පසුවයි. කෙසේ වෙතත් ඔහු මෙරට 5 වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූවත් මැතිවරණයකින් ජනපති ධුරයට පත් වීමට හැකි වූයේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ රජය අර්බුදයට ගොස් පාලනය අසාර්ථක වූ පසු රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ලෙස දිව්රුම් දෙමින් මේ දක්වා පාලනය ගෙනයමින් සිටිනවා.
නුදුරේ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර, 75 විය එළැඹි රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාද ඊට තරඟ කරනු ඇති. කෙසේ වෙතත්, මේ වන විට රටේ පවතින්නේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය දැඩිලෙස විවේචනය කරන තත්වයක් බැවින් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතය ද නව තත්වයන් මත තීරණය කෙරෙන බව කිව හැකියි.