ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන 13 දින ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා විදේශගත වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහභාගිවීමට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන G 77 කණ්ඩායමේ සමුළුව සඳහායි.
ජනපතිවරයා ප්‍රථමයෙන් කියුබාවේ හවානා නුවර G 77 සමුළුවට සහභාගි වී ඉන් අනතුරුව සැප්තැම්බර් 19 දින ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සම්බන්ධවීමට නියමිත වනවා.
G 77 සමුළුව යනු ආර්ථික වශයෙන් සංවර්ධනය වන රටවල් 134ක සාමාජිකත්වය සහිත සංවිධානයක් වන අතර ශ්‍රී ලංකාව ද එහි සාමාජිකත්වය දරනවා.