ජනපති අප්‍රිකානු නායකයින් සමඟ සාකච්ඡා

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමී ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ පැවති අතර දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා සුහදශීලිව පිළිගත් බවත් අනතුරුව නායක දෙපොළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ බවත් වාර්තා වෙනවා.

ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බව ආරංචි මාර්ග පවසනවා.

බහමාස් අග්‍රාමාත්‍ය පිලිප්.ඊ.ඩේවිස්, ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ්, බෙනින් ජනරජයේ උපජනාධිපති මාරියම් චාබි තලතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles