ලක්ෂ 16ක් වන සමස්ත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිමක් මෙවර අයවැයෙන් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ඒ අතර මිලියන 8ක් වන පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකරලීමටද වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ අඟහරුවාදා (නොවැ 07) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
රටේ ආර්ථික පසුබෑම නිසා රට බංකොලොත් බව ප්‍රකාශ වුණු නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාරගත් පසු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විශ්වාසය දිනාගෙන යම් ස්ථාවරයකට ගෙනා බව මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවා.