ජනාධිපතිවරයෙක් කෙටි කාලයක් තුළ ලබාගත් විශාලතම ණය ප්‍රමාණය අනුර කුමාර දිසානයක ලබාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.
රටේ පවතින ආර්ථික අවදානම හේතුවෙන් ආර්ථිකය නිවැරදිව හසුරවන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගී වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා,
” අනාගතයේ උපදින්න ඉන්න දරුවා ණය කරන්නේ නැහැ. ණය ගන්න නායකයින් ඕනිද ?, ණය ගෙවන එක කජ්ජක්ද කියලා අහපු අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජය, නව ජනාධිපතිවරයෙක් පත් වී ඉතාමත් කෙටි කාලයක් තුළ සිදු කළ වැඩිම ණය ගැනීම හා සල්ලි අච්චු ගැසීම අනුර දිසානායක ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සිදු කර තිබෙනවා. එහෙම ජනාධිපතිවරයෙක් ඉඳලා නැහැ. ඒ ගැන අපේ අප්‍රසාදය පළ කරනවා. අපි ණය ගන්නේ නැහැ කියලා මිනිස්සුන්ව සුරංගනා ලෝක වලට ගෙනිච්චා. අද එහෙම කියපු කෙනා විශාල ණය ප්‍රමාණයක් අරන් තිබෙනවා.
විශේෂයෙන් නොවැම්බර් 12 වෙනි දින රුපියල් බිලියන 132.5 ක බැදුම්කර නිකුත් කරනවා. නොවැම්බර් 13 වෙනි දින බිලියන 147 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි රුපියල් බිලියන 279.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජයට ණය ලබා ගැනීමට. මේ රුපියල් බිලියන 279.5 ත් එක්ක රුපියල් බිලියන 1400 කට ආසන්න ප්‍රමාණයක් ණය අරගෙන තියෙනවා.”