ඇමැතිකම නැති වුණත් තීරණය වෙනස් කරන්නෑ: ක්‍රීඩා ඇමැති

ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව තමා පත් කළ අතුරු කමිටුව ඉවත් කිරීම ගැන ජනාධිපතිවරයා අදහස් පළ කළ බවත්, ඔහුට එම කමිටුව අහෝසි කිරීමට අවශ්‍ය වුවත් තම ඊට එකඟ නොවූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමාගෙන් කැබිනට් ඇමැතිකම ඉවත් කළ හැකි බව ඔහු දන්වා සිටි බවයි එහිදී තවදුරටත් ඇමැතිවරයා කියා සිටියේ.

අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පවත්වාගෙන යන්නේ මංකොල්ලකාරයන් පිරිසක් බැවින් තමා සිය අතුරු කමිටුව කිසිසේත්ම අහෝසි නොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles