2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබෙනවා.
අද (15) නාමයෝජනා පත්‍ර භාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබා දුන්නා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට සහය දැක්වීමට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි එක්වී ඇතැයි වාර්තා වෙනවා.