අගමැති ජනපති මන්දිර – කොළඹින් එළියට

ජනාධිපති මන්දිරය සහ අගමැති නිල නිවස කොළඹින් ඉවත් කර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යෑමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලයත් එලෙසෙම ඉවත් කෙරෙනු ඇති බවයි දැක්වෙන්නේ.

ඒවා දැනට පවතින ස්ථාන කොළඹ සංචාරක ස්ථාන ලෙස යොදාගැනීමටයි තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ දී ජනපති මැදුර මාදිවෙලට ස්ථානගත කිරීමට සැකසූ සැලැස්මය නැවත ක්‍රියාත්මක කරන බවයි දැනගැනීමට තිබෙන්නේ. එවක සැලැස්ම අනුව කාමර 40ක පමණ සැලසුමක් තිබුණද එය කාමර 4ක් දක්වා අඩුකරමින් නව සැලසුම් සකස් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles