ජනාධිපති රනිල් වික්රමසිංහගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයාට සහාය පළකිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් වූ කණ්ඩායම ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළකරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් මෙම රැලිය සඳහා සහභාගී වීමට නියමිතයි.