ඊයේ (26) දිනයේ පැවති සර්වපාක්ෂික සමුළු සාකච්ඡාවේදී ජනපතිවරයා ප්‍රකාශ කළ සමහර කරුණු තමන්ට අපහැදිලි බවත් සිදු කළ සාකච්ඡාවේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසනවා.
ඒසේම 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් සිදු කළ යුතු බව සඳහන් කරන ඔහු ජනාධිපතිවරයා මේ සම්බන්ධව එකට විසඳුම් ලබා දිය නොහැකි බවට ප්‍රකාශ කළ බවත් සඳහන් කරනවා. එසේම මැතිවරණක් පැවැත්වීමට ජනාධිපතිවරයා අකමැති බවත් ඔහු ඉදිරිපත් කරන විසඳුම් පිළිගත නොහැකි තත්ත්වයේ පවතින බවත් මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කරනවා.
සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එහි දී රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසුයේ, සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර ද මත ගැටුමක් හටගත් බවයි.
එසේම සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ, ආණ්ඩුව ජනතාව නොමඟ යවමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සූදානමක පවතින බවයි.
මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි කරුණු පිළිබඳ පිළිතුරු සෙවීමේ දී ජනාධිපතිවරයා අතීතය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද එකඟතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළා.
කෙසේ වූව ද සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගී වී තිබුණා.