ලබන මස සිට සිදු කිරිමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තු ද අඩු කිරීමට නියමිත බව ජල සම්පාදන හා යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් ආමාත්‍ය ජීවන් තොන්ඩමන් ඊයේ (11) දා මහනුවර දී පැවති හමුවක දී පවසා තිබෙනවා.
ජල ගාස්තු සම්බන්දයෙන් ඉදිරියේ දී මිල සූත්‍රයක් හදුන්වා දෙන බව ඔහු එහිදී කියා සිටියා.
ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකය විදුලිය බවත්, විදුලි බිල අඩු වන්නේ නම් ජල ගාස්තු ද අඩු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
ජනතාව සම්බන්ධයෙන් රජය උපරිම සහන ලබා දෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.