ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එම සංගමය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ඒ බව ප්‍රකාශ කළා.
සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල ද රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවත් සහල්, එළවළු, කුකුළු මස්, ළූණු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට්ටුවක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.