දැරියන් පස් දෙනෙකුට හදි කළැයි පූජකයාට මාංචු වැටෙයි

කිරුළපන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන එක්තරා ආගමික නිකායකට අයත් නේවාසිකාගාරයක සිටි දැරියන් පස් දෙනෙකුට වරින් වර අතවර කළ බවට සැක පිට එම නේවාසිකාගාරය පාලනය කළ පූජකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු 63 වියැති අයෙක් බවයි පොලිසිය පවසන්නේ. අපහරණයට ලක් වූ දැරියන් වයස අවුරුදු 9 සිට 17 දක්වා වයස අතර බවද පැවසෙනවා.

දැරියන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ කිරුළපන පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles