බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දී තිබෙනවා.
රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රැඳවියන්ගේ නඩත්තු කටයුතු සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම වාර්තාවේ සඳහන් වෙනවා.
බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණ ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන් රැඳවියන් 1,795ක් වැනි විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර ගතව සිටින බව වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ බන්ධනාගාර දෙකක ඇති වූ විවිධ ගැටලු නිසා ගොඩනැගිලි කිහිපයක් විනාශ වීම ද බන්ධනාගාරවල පවත්නා තදබදයට හේතුවක් බවයි කාර්ය සාධන විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ.